හෙළ බස හෙළ දැය සමය නඟාලන
දරු පරපුරකට සෙවන ලබාදෙන
නාවලකන්දේ විදුහල් මෑණී
ලක් අඹරේ රැස් බෙදයි සිසී//
විද්‍යා වාණිජ කලා ශිල්පයන්
සිප්කිරි පොවමින් අප වැඩු මාතා
දින දින ප්‍රගතිය වෙත පිය ඔසවන
පාසල් මෑණි දිනේ උතුම්
කුමර කුමරියන් අප අත්වැල් බැඳ
ඔබ ගුණ ගයනෙමු හඳ පිරි බැතියෙන්
නාවලකන්දේ විදුහල් මෑණී
හෙළ කොත් මඩලය ඔබ වන්නේ//
ගුරු දෙගුරුන් හා අප අත්වැල් බැඳ
ඔබ ගුණ ගයනෙමු යාවජිවයෙන්
නාවලකන්දේ විදුහල් මෑණී
විදු ලොව ඔබ නීති අසම සමයි//