නාවලකන්ද ගම ප්‍රදේශයේ දරුවන්ට මුලින්ම අකුරු ඉගැන්වීම ආරම්භ කරන ලද්දේ නාවලකන්ද විහාරස්ථානයේ විහාරාධිපති තැන්පත් කැළැල්ඇල්ලේ පඥ්ඥාසිංහ හිමියන් විසිනි. දරුවනට ඉගෙන ගැනීම සඳහා පාසලක් නොතිබූ බැවින් මඩපන්දෙනිය නම් ස්ථානයේ පොල් අතු මඩුවක් සාදා එම ස්ථානයේ දී ගමේ දරුවන්ට අකුරු ඉගැන්වීම කරනු ලැබිය.මෙම කාර්යය සඳහා මුලිකත්වය ගෙන කටයුතු කරන ලද්දේ නාවලකන්ද ගම ප්‍රදේශයේ ග්‍රාමෝදය සමිතියයි. මෙම ස්ථානයේදී දරුවන්ට ඉගැන්වීම සඳහා එස්. එස්. ප්‍රනාන්දු නමැති මහතා එක් ශිෂ්‍යයෙකුගෙන් රුපියල් දෙක බැගින් අය කල බව වැඩිහිටියෝ ප්‍රකාශ කරති.
ඉන් පසු ජි.බී. ලොකු අප්පුහාමි මහතා ද ඒ අයුරින්ම එක් සිසුවෙකුගෙන් රුපියල් දෙක බැගින් අය කර ගනිමින් ඉගැන්වීම් කල බව ප්‍රකාශ කරති.
වර්තමාන ස්ථානයේ විධිමත්ව පාසල ආරම්භ කරන ලද්දේ 1952-05-12 වන දිනයේය. එහි මුල්ම විදුහල්පතිවරයා ලෙස කටයුතු කර ඇත්තේ එල්.ඒ. සිරිබෝහාමි මහතාය. එකල විද්‍යාලයේ ශිෂ්‍ය සංඛ්‍යාව හැට හතර දෙනෙක් විය. මෙසේ විධිමත්ව ඇරඹි පාසලේ රජයේ ගුරු පත්වීමක් ලබා ජි.බී.ලොකු අප්පුහාමි මහතා ගුරුවරයෙකු ලෙස ඉගැන්වීම කරනු ලැබිය.මඩපන්දෙනිය නමැති ස්ථානයේ ඉගෙනගත් සිසුන්ද මෙම පාසලට ඇතුලත් කර ඇත.මෙහි පළමු ශ්‍රේණියට මුලින්ම ඇතුලත් කර ගත ශිෂ්‍යයා වන්නේ පී.එම්.සිමියොන් නැමැත්තාය.
නාවලකන්ද ප්‍රදේශයේ විධිමත්ව අරඹන ලද පාසල් ගොඩනැඟිල්ල තැනීම සඳහා මුල් ගල තබන ලද්දේ හැරල්ඩ් බේරගම මන්ත්‍රීතුමාය. විද්‍යාලයේ දෙවන වතාවට විදුහල්පති වශයෙන් පත්වීම ලබා ඇත්තේ එච්.සී. විජේසිංහ මහතාය.ඔහු විද්‍යාලයට ඉමහත් සේවයක් කල අයෙකු බවද 7 ශ්‍රේණිය සඳහා පන්ති පැවැත්වූ බවද ගුරුවරු තිදෙනෙක් සේවය කල බවද සඳහන් වේ.පාසල ආරම්භයේ පටන් මේ දක්වා සේවය කල සේවය කල විදුහල්පතිවරුන් 27 දෙනෙකුගේ පුර්ණ ඇප කැප වීම මත වර්තමාන පවතින තත්ත්වය දක්වා සංවර්ධනය වී ඇත.
භෞතික සම්පත්, මානව සම්පත් මෙන්ම ශිෂ්‍ය සංඛ්‍යාව ද වර්ධනය වී ඇති අතර අධ්‍යාපනය මෙන්ම ක්‍රීඩා, සෞන්දර්ය, තාක්ෂණය ආදී සෑම අංශයකම ප්‍රගතියක් ලබා ඇත.
විශේෂයෙන් විදුහල්පති ඩබ්.ඒ. ගුණතිලක මහතා විද්‍යාලයේ භෞතික සම්පත් හා ක්‍රීඩා කටයුතු දියුණුවට විශාල ඇප කැප වීමක් සිදු කොට ඇත.
ඉන් අනතුරුව විජේසිංහ යුගය විද්‍යාලයේ භෞතික සම්පත් දියුණුවට වවිශේෂ මෙහෙවරක් ඉටු කළේය. පාසල් දෙමහල් ශාලාව, ප්‍රථමික ශාලාව, විද්‍යාගාරය, දන්ත ශල්‍යාගාරය, පුස්තකාලය හා පරිගණක ඒකකය විදුහල්පති කේ.ඒ.එච්. විජේසිංහ මහතාගේ කැප වීම මත පාසලට ලැබුණු දායාදයන්ය.
විද්‍යාල ක්‍රීඩා පිටියක අවශ්‍යතාව සැලකු විදුහල්පතිවරයා විදුහල ඉදිරිපිට තේ ඉඩම ඒ සඳහා පවරා ගැනීම සඳහා ඇප කැප වී කටයුතු කරන ලදී. ජී.එම්.ජේ. කුමාරනායක මෙනවිය ඉන් අනතුරුව පාසල දරුවන්ගේ අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධනය පිළිබඳව දැඩි කැපවීමකින් කටයුතු කළාය.
කුමාරනායක විදුහල්පති තිමියගෙන් පසු පී.ඒ.ඩි. අබේවංශ මහතා විදුහල්පතිවරයා ලෙස කටයුතු කරන ලදී.අධ්‍යාපන ගුණාත්මක සංවර්ධනය හා භෞතික සම්පත් දියුණු කිරීම සමඟ ක්‍රීඩා පිටිය පුළුල් කිරීම ආදී පාසලට සිදු වූ සේවාව ඉමහත්ය.
එතුමාගෙන් පසු නාවලකන්ද විද්‍යාලයේ සුවිශේෂී හැරවුම් ලක්ෂයක් කරා ගෙන යන ලද විදුහල්පතිවරයෙකු වූ එම්.ඒ.ආර්.ඩි. මලවිආරච්චි මහතා පැමිණි අතර පාසලේ හඳුනා ගත භෞතික සංවර්ධන කාර්යයන් ප්‍රජා දායකත්වය හා රාජ්‍ය අවධානය යොමු කරමින් සම්පුර්ණ කිරීමට කටයුතු කරන ලදී. මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරය හා උසස්පෙළ විද්‍යා හා ගණිත අංශ ආරම්භ කිරීම සිදු කළහ.එමෙන්ම ජාතික ඵලදායිතා තෙවන ස්ථානය සඳහා පාසල රැගෙන යාම සිදු කළහ. අධ්‍යාපන ගුණාත්මක සංවර්ධනය, විශිෂ්ට ප්‍රතිඵල සහිත දරුවන් පාසලෙන් බිහි විය.
එතුමාගෙන් පසුව ජි.ජි. සෙනරත් විදුහල්පතිතුමා පාසල තවදුරටත් සංවර්ධනය කරමින් පාසලේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා කැමරා පද්ධතියක් ස්ථාපිත කරවීම, පන්ති කාමර හා විෂය ඒකක විධිමත් අධ්‍යාපනික පහසුකම් සහිත ස්ථාන බවට පත් කිරීම. අධ්‍යාපනික ගුණාත්මක සංවර්ධනය සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කරමින් විශ්‍රාම යාම් දක්වාම සේවය කරන ලදී.
වර්තමාන විදුහල්පතිවරයා ලෙස බී.එම්.එල්. වීරවර්ධන මහතා සේවය කරන අතර පාසලේ පවතින අධ්‍යාපනික හා භෞතික සම්පත් ගැටළු වලට විසඳුම් ලබා දෙමින් පාසල අධ්‍යාපනික හා භෞතික පරිසරය තුල ගුණාත්මකභාවය ඇති කිරීම සඳහා ගුරුමණ්ඩලය හා සිසු දරුවන් හා දෙමාපිය සහාය මත කටයුතු කරයි.එමගින් සිසු දරුවන්ගේ හා දෙමාපියන්ගේ සුවහසක් බලාපොරොත්තු ඉටු වනු ඇත.
|
ආරම්භ කළ වර්ෂය |
1952 මැයි 12 |
|
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
01 |
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
64 |
|
මුල් ගුරුතුමාගේ නම |
ජි.බි.ලොකුඅප්පුහාමි මහතා |
|
පාසලේ ආදි කතෘගේ නම |
කලල්ඇල්ලේ පඥ්ඥාසිංහ හිමි |
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
01 |
|
පාසලේ නම |
හවුපේ නාවලකන්ද මහා විද්‍යාලය |
|
පාසල භාරව කටයුතු කිරීම |
එල්.ඒ. සිරිබෝහාමි මහතා |
|
පාසල රජයට පවරාගත් දිනය |
1952 මැයි 12 |
|
පාසල පැවැත්වූ ස්ථානය |
නාවලකන්ද, මඩපන්දෙනිය |
|
ප්‍රථම ශිෂ්‍යයාගේ නම |
පී.එම්.සිමියොන් |
|
ප්‍රථම ශිෂ්‍යයාවගේ නම |
|
|
ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව |
1952 මැයි 12 |