• (+94) 71 98 98 794
  • hnawalakanda@gmail.com
 
previous arrow
next arrow
PlayPause
Slider

R/Nivi/Houpe Nawalakanda Maha Vidyalaya

Houpe Nawalakanda Maha Vidyalaya is a school situated in Nawalakanda, near Kahawatta ,Sabaragamuwa Province, Sri Lanka:

            This prominent school offers Primary & Secondary education for both boys and girls aged 6 to 19 and has a student population around 600 and teaching staff over 30 members.

Today it has become a leading school in Kahawatta Division.

 

Read More

 

දිනෙන් දින විශිෂ්ඨත්වය කරා පිය නගල අප පාසල සබරගමුව පළාතේ ඇති දීප්තිමත් පාසලකි. අප සිසු දරුවන් කලාප, පළාත් මෙන්ම ජාතික මට්ටමේ ජයග්‍රහණ රාශියකට උරුමකම් කියන අතර, පාසලෙන් බිහි වූ කීර්තිමත් ආදි සිසුන් ද බොහොමයකි. අද වන විට ඔවුන් රටේ ඉහළ තැන්වන තනතුරු දරමින් රට දැය වෙනුවෙන් සුවිශේෂි මෙහෙවරක් ඉටු කරති.

අප පාසල තොරතුරු තාක්ෂණ අංශයෙන් ද පසුගිය වසර පුරා විශාල දියුණුවක් අත්කරගෙන ඇත.

අප විද්‍යාලය සමග සම්බන්ධ විවිධ පාර්ශව සමග අදහස් හුවමාරුවේදී හා තොරතුරු හුවමාරුවේදී මෙම වෙබ් අඩවිය ඵලදායී ලෙස යොදා ගැනීමට හැකි වනු ඇතැයි මා විශ්වාස කරමි. අප විද්‍යාලය සමග සම්බන්ධ සියළු පාර්ශවයන්ට අප පාසල් බෙව් අඩවිය සමග සම්බන්ධ වී පාසලේ උන්නතියට සහයෝගය දක්වන මෙන් ආරාධනය කර සිටිමි.

මෙම කර්තව්‍ය සාර්ථක කර ගැනීම සඳහා උරදුන් සැමට මාගේ හෘදයාංගම ස්තූතිය පිරිනමන අතර දරු දැරියන්ගේ යහගුණ මෙන්ම අධ්‍යාපන කටයුතු දිනෙන් දින වර්ධනය වේවා යි ප්‍රාර්ථනා කරමි.

 නාවලකන්දේ   විදුහල්   මෑණී..

 

⁣හෙළ බස හෙළ දැය සමය නගාලන 

දරු පරපුරකට සෙවන ලබාදෙන

නාවලකන්දේ විදුහල් මෑණී

ලක් අඹරේ රැස් බෙදයි සිසී//

 

විද්‍යා වාණිජ කලා ශිල්පයන්

සිප්කිරි පොවමින් අප වැඩු මාතා

දින දින ප්‍රගතිය වෙත පිය ඔසවන

පාසල් මෑණි දිනේ උතුම්

 

කුමර කුමරියන් අප අත්වැල් බැඳ

ඔබ ගුණ ගයනෙමු හඳ පිරි බැතියෙන්

නාවලකන්දේ විදුහල් මෑණී

හෙළ කොත් මඩලය ඔබ වන්නේ//

 

ගුරු දෙගුරුන් හා අප අත්වැල් බැඳ

ඔබ ගුණ ගයනෙමු යාවජිවයෙන්

නාවලකන්දේ විදුහල් මෑණී

විදු ලොව ඔබ නීති අසම සමයි//

 

Card image cap 19 Mar2021
පාසල් වෙබ් පිටුව නිර්මාණය සහ යාවත්කාලීන කිරීම.

 " සයිබර් ලොවට පියාපත් " වැඩසටහන හා

" LK Domain "ආයතනය එක්ව කළ වැඩමුඵවේ

මගපෙන්වීම යටතේ පාසලේ තොරතුරු හා සන්නිවේදන විෂය

හදාරන සිසුන් විසින් පාසල් වෙබ් පිටුව නිර්මාණය කරන ලදී.